Wednesday, February 9, 2011

සද නික්මන් කල රාත්‍රියක ඝන කළුවරට පෙම් බැදන් ආගන්තුක තරුවක් සමග වරුවක්
තනිවුණ මොහොතක් .
                           සුසුමක පවා ඉකි බිදුම ඇසෙන තරමේ නිහැඩියාව බිදිමින් වරින් වර
කෑ ගහන රැහැයියෙක් හැරුණු කොට මේ තනිකමට වෙනත් කිසිදු බාධාවක් නැත .දෑ
සමන් මල් පියල්ලේ සුවද කැටි කොට ගෙනවිත් මද පවන පමණක් නළල සිප ඇදී
යයි. සිහිනයක් සේ ඇවිදින් ඔබේ රුව සක්මන් කරයි හැම තැනම .කොහේදෝ සිට
හිතට ගලා ආපු නන්නාදුනනා කවි සිතුවිල්ලක් ගිලන් වූ හදවත කොනිති ගසයි .

                                             මේ රුදුරු අදුර තුල
                                             ඇද හැලෙන හිම පියල්ලක පවා කළුපාට
                                              පෙණහල්ල මිය යා නොදී පෙමින් රැකගන්න
                                              දුම් වළලු නගන්නෙත් කළුපාට
                                              දේදුන්න සදිසි අහසට නැගුණ
                                              සිතුම් හේඩාවක්ය කළුපාට
                                              ඔබේ කෙටි පණිවුඩය
                                             මේ තරම් දිග ඇයිද
                                              
                                             දුරුතු සද නිම්තෙරට නොයෙන බව දැනුණාම
                                             සිහිනයෙන් දකින්නෙමි සදපන
                                             මංමුළා වන රැයක සීතලට තුරුළු වන
                                             සෙවණැල්ල පමණකිය අතගාව
                                             හැඩපලු ගෙතුණා කැරලි මුහුලසේ කිමිදෙනා
                                             අතැගිලි තුඩක පහස දැනුණාම
                                              සිහිනයට තටු ලැබී කවුළු දොර හැර දමයි
                                              මගේ නින්ද නොබිදින්න රහසේම
       
                                              ඇස් දෙකින් හුස්ම ගන්නට බැරුව
                                              නිදි බිදුණ සිතුවිල්ලකට දාව
                                              ජනිත වන මිය ඇදෙන
                                              යළි යළිදු ජනිත වන
                                              කවියකට වාසගම් මොනවට
                                              වෙව්ලනා සුරතකට පන්හිදත් බර වැඩිය
                                              මම ඇදෙමි මට හොරෙන් දුර ඈත
                                              මගේ අවසන් කවට පස් පිඩක් දමන්නට
                                              ඔබට එන්නට හැකිද අද රෑම

Tuesday, February 8, 2011

Tuesday, February 1, 2011